.webp)
 (5)-619825.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ඉන් විසි දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද, එම වාර්තාවල සඳහන්.
ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ හදිසියේම තැබෑරුමේ දුමක් පැතිරී ගිය බවත්, ඉන් පසු විදුලිය විසන්ධි වූ බවත්, ඒත් සමගම දැවැන්ත පිපිරුමක් සිදුවූ බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.
තායිලන්ත අග්‍රමාත්‍ය අනුටීන් චාන්-විරාකුල් සඳහන් කළේ, ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.
බොහෝ පිරිස් දුමෙන් බේරීමටත් ගැනීමට සහ ගිනිදැල්වලින් ජීවිත බේරා ගැනීමට, තැබෑරුමේ වැසිකිළි පිහිටා තිබූ පිටුපස කොටසට දිව ගොස් සැඟවී ඇති නමුත්, ඒ ආසන්නයේ තැබෑරුමෙන් පිටතට යා හැකි දොරටුවක් තිබී නොමැති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.
බැංකොක් නුවර නගරාධිපතිවරයා සඳහන් කළේ, තැබෑරුම නිසි බලපත්‍ර මත පවත්වාගෙන ගොස් ඇති බවයි.
හදිසි පිටවීමේ දොරටුද නිසි පරිදි ක්‍රියාත්මක වී ඇති නමුත්, දුම සහ අඳුර හේතුවෙන් ඇතිවූ කලබලය මත තැබෑරුමෙන් පිටවීම පාරිභෝගිකයින්ට අපහසු වන්නට ඇතැයි බලධාරීන් සැක කරයි.
කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 9 දෙනෙකු මියගිය පුද්ගලයින් අතරට ඇතුළත්.
