කොළඹ සරසවියේ දේශන ගැන දැනුම්දීමක්

ඩෙංගු රෝගය හේතුවෙන් සිසු ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු හෙට සිට සතියක කාලයක් සඳහා Online - උප කුලපති

by Staff writer 12-07-2026 | 6:51 PM

COLOMBO(News1st) - කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු මාර්ගගතව පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, හෙට සිට සතියක කාලයක් සඳහායි.

එහි උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසුවේ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු තත්ත්වය හමුවේ සිසුන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

එහෙත් විශ්වවිද්‍යාලය වසා දමන්නේ නැහැ.

සියලු කාර්යය මණ්ඩලය සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළයුතු බව, උප කුලපතිවරයා සඳහන් කළේය.

සියලු නේවාසිකාගාර ද විවෘතව තැබෙන බව, විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසයි.

පසුගිය 9 වැනිදා සිට සතියක කාලයක් සඳහා ශාස්ත්‍ර පීඨය, නීති පීඨය, අධ්‍යාපන පීඨය සහ කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු එලෙස මාර්ගගතව සිදු කිරිමට තීරණය කළේය.