මීගමුව බන්ධනාගාරයේ අස්ථානගත වූ ගිනි අවිය සොයා ගැනේ

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසු අස්ථානගත වූ ගිනි අවිය සොයා ගැනේ - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

by Staff writer 10-07-2026 | 9:32 AM

COLOMBO(News1st) - පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අනතුරුව අස්ථානගත වූ ගිනි අවිය සොයාගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, රිපිටර් වර්ගයේ ගිනි අවියක් වන එය බන්ධනාගාරය තුළ තිබී සොයාගත් බවයි.

පසුගිය 6 වැනිදා මීගමුව බන්ධනගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කණ්ඩායම් 02ක් අතර ඇති වූ ගැටුමත් සමග රිපිටර් වර්ගයේ එම ගිනි අවිය අස්ථානගත විය.