අමරපුර නිකායේ උපසම්පදා විනයකර්ම රාජ්‍ය මහෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම රාජ්‍ය මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්...

by Staff writer 09-07-2026 | 7:52 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංක‍ා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අද (09) පස්වරුවේ ඓතිහාසික කළුතර බෝධීය පරිශ්‍රයේදී ආරම්භ විය.

උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ.

මෙහිදී අමරපුර ශ්‍රාස්ත්‍රීය සංග්‍රහය, මහානාහිමියන්ට පිළිගැන්වීම සිදුවිය.

ශ්‍රී ලංක‍ා අමරපුර මහා නිකායේ මෙවර උපසම්පදා උත්සවයේදී  400කට ආසන්න සාමනේර හිමිවරුන් උපසම්පදාව ලබා ගැනීමට නියමිතයි.