රත්‍රන් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රත්‍රන් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට...

by Staff writer 09-07-2026 | 3:43 PM

COLOMBO (News 1st) - රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන්දහස් පන්සිය දාහතරක් වටිනා රන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් කොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

සැකකරු රැගෙන ආ ගමන් මලු තුළ ග්‍රෑම් 271 මිලි ග්‍රෑම් 480 ක් බරැති  කර මාල 12 ක් , අත් පළදනා 10 ක් සහ රන් බිස්කට් 02 ක් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

රත්තරන් තොගය රාජසන්තක කර  ගුවන් මගියාට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවූ බව පොලිසිය ප්‍රකශ කළේ ය.