.webp)
-619620.jpg)
තුර්කියේ අන්කාරා නුවර පැවති නේටෝ (NATO) වාර්ෂික සමුළුවේදී, ඉරානය සමඟ පැවති අන්තර්වාර යුද විරාම ගිවිසුම අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය උද්ගත විය.
හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා ඉලක්ක කර ඉරානය සිදු කළ බෝම්බ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි. තවදුරටත් අමෙරිකානු නෞකාවලට බාධා කළහොත් ඊට වඩා දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවන ජනාධිපතිවරයා, ඉරානයේ ස්ථාන කිහිපයක පිපිරීම් සහ ගිනිගැනීම් දැක්වෙන දෘශ්‍යමාන දර්ශන ද තම සමාජ මාධ්‍ය ගිණුම හරහා බෙදාගෙන තිබේ.
ඇමරිකානු මධ්‍යම විධානය 'එක්ස්' (X) සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීමේ ඉරානයේ හැකියාව අඩපණ කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළ බවයි. ඉරානයේ ආක්‍රමණශීලී ක්‍රියාවන් සඳහා ඔවුන් වගකිව යුතු බව තහවුරු කිරීම ද මෙහි අරමුණක් බව එම විධානය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් අවධාරණය කළේ, ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කරන්නේ නම්, අමෙරිකානු හමුදාවෙන් ඊට දැඩි ප්‍රතිචාරයක් එල්ල වනු ඇති බවයි.
නේටෝ සමුළුව අතරතුර අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ, ඉරානය සමඟ ඉදිරියේදී කිසිදු ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් නොමැති බවයි. ඉරානයේ හිටපු උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය උත්සවයේදී ඇමරිකාව තමන් ඝාතනය කරනු ඇතැයි ඉරාන නායකයින් බියෙන් පසුවූ බවත්, එසේ නොකරන ලෙස ඔවුන් තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා මෙහිදී හෙළි කළේය.
මෙම නවතම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසයි.
