.webp)

එම කාලය සිදුව ඇති සමස්ත අනතුරු සංඛ්‍යාව 1,362 ක්.
රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ, යතුරුපැදිකරුවන් හා පදිකයින් බහුල වශයෙන් අනතුරු සඳහා භාජනය වී ඇති බවයි.
යතුරුපැදිකරුවන් 491 දෙනෙකු , පදිකයින් 486 දෙනෙකු , පසුපැදිකරුවන් 96 දෙනෙකු සහ පාපැදිකරුවන් 98 දෙනෙකු එලෙස මියගොස් තිබේ.
අපරීක්ෂාකාරී ධාවනය, අධික වේගය හා බීමත්ව රිය පැදවීම එම අනතුරුවලට හේතුවයි.
රථවාහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙන බවත් රථ වාහන නීති උල්ළංඝනය කරන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ අන්තරාදායක ලෙස රිය ධාවනය කරන රියැදුරන් සම්බන්ධයෙන් Whatsapp හරහා ලැබෙන මගී පැමිණිලි පිළිබඳ දැඩිව අවධානය යොමු කරන බවයි.
