.webp)
 (6)-619488.jpg)
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් පැවසුවේ, මීගමුව අධිකරණයට කරුණු වාර්තා කර, ඒ සඳහා අවසර ලබාගත් බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කල්ලි 2ක් අතර මීගමුව බන්ධානාගාරයේ ඇති වූ ගැටුම දුරදිග යාමෙන් 26 දෙනෙකු මිය ගියා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසුවේ, මියගිය අතර බන්ධානාගර නිළධාරින් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු වන බවයි.
ගැටුමෙන් තුවාල ලැබූ 100කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා ඇති වූ ගැටුමේදී දෙදෙනෙකු මියගොස් 38 දෙනෙකු තුවාල ලැබීය.
ඊයේ පෙරවරුවේ යළි නොසන්සුන්තාවයක් හටගත්තේ නිලධාරීන් පිරිසක් රැඳවියන්ට උදෑසන ආහාරය ලබාදීම සදහා ඇතුල්වූ අවස්ථාවේදීයි.
රැඳවියන් එහිදී නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබූ අතර තුවාල ලැබූ පිරිස් පිටතට රැගෙන ඒමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊයේ(06) සහ පෙරේදා(05) ඇති වූ ගැටුම් හේතුවෙන් දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරකර යැවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම අවස්ථාවේද ඔවුන්ගේ ඥාතීන් මැදිහත්වීමෙන් ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර, මීගමුව බන්ධනාගාර තුළ ආරක්ෂාව තරකර තිබේ.
බන්ධනාගාරයේ සිටි මුලු රැඳවියන් සංඛ්‍යාව 2400කට ආසන්නයි.
මේ වනවිට බන්ධනාගාරය තුළ කාන්තා රැදවියන් ඇතුළු පිරිසක් සිටී.
මේ අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මිය සඳහන් කළේ, බරපතල තුවාල ලබා ඇති 18 දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවයි.
තුවාල ලැබු පිරිසක් මීගමුව රෝහලේ ප්‍රතිකාර කරමින් සිටින බව ඇය සඳහන් කළේය.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සෙසු සාමාජිකයින්.
අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
