.webp)

පොලීසිය සඳහන් කළේ, ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පිටුවහල් කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඡායාරූප සඳහා වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත ඇතුලත් කර තිබියදී අදාළ අයදුම් පත්‍රය නිසි පරීක්ෂාවකින් තොරව භාරයට ගෙන විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු 51 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධ නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ දැනුම්දීමකට අනුව කොළඔ වංචා විමර්ශන කාර්යංශය විසින් එම වැටලීම සිදුකර තිබුණි.
