ඔස්ට්‍රේලියාව T20 කාන්තා ලෝක කුසලනාය ජය ගනී...

එංගලන්තය පරාජය කළ ඕස්ට්‍රේලියාව 7වැනි වරටත් T20 කාන්තා ලෝක කුසලානය දිනා ගනී...

by Staff writer 06-07-2026 | 8:51 AM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාව 7වැනි වරටත් පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත්තේ ය.

ඒ මෙවර පන්දුවාර 20/20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති අවසන් මහා තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150ක්.

ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 17යි පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.