මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මට්ටක්කුලියේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 02-07-2026 | 7:38 AM

COLOMBO(News1st) - මට්ටක්කුලිය ෆර්ගිවුසන් පාර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්රෑම් 5.140ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් පනස්දහසක මුදලක් හා ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන 2ක්ද සොයාගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මට්ටක්කුලිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.