සුරේෂ් සලේට දුන් අධිකරණ නියෝගය...

ලැප්ටොප් පරිඝනකයේ මුරපද ඉදිරි විමර්ශන සඳහා විමර්ශන නිලධාරින්ට ලබා දෙන්න! - සුරේෂ් සලේට අධිකරණයෙන් නියෝග!

by Staff writer 01-07-2026 | 5:34 PM

COLOMBO(News1st) - දුරකථනයේ සහ ලැප්ටොප් පරිඝනකයේ මුරපද ඉදිරි විමර්ශන සඳහා විමර්ශන නිලධාරින්ට ලබා දෙන්නැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි.

සලේට එරෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගෙන් ඉවත් කළ නොහැකි බව අධිකරණය දැනුම් දී තිබේ.

පිටු 23 කින් සමන්විත නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ,  සුරේෂ් සලේට ලිවීම සඳහා උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබාදෙන්නැයි කළ ඉල්ලිමද ප්‍රතික්ෂේප කරන බවයි.

සලේ, රහස් ප්‍රකාශයක් සඳහා කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.