.webp)

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.
ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකි බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් අවධාරණය කෙරෙන්නේ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කම වන බවයි.
බුදු දහමත් සමග මෙරටට ලැබුණු එම අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින්, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම සඳහා අත්වැල් බැඳගැනීමට සියලු දෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.
