යටියන්තොට පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ

රාජකාරී ගිනි අවිය සහ උණ්ඩ 10ක්, නිසි පරිදි භාර නොදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යටියන්තොට පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්.

by Staff writer 28-06-2026 | 5:09 PM

COLOMBO(News1st) - යටියන්තොට පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

ඒ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාජකාරී ගිනි අවිය සහ උණ්ඩ 10 ක්, නිසි පරිදි භාර නොදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.