ශීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියට හේතුව?

මදුරු අනුවර්ථනය ඇතුළු කරුණු රැසක් ශීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියට හේතුවී ඇතැයි සෞඛ්‍ය විශේෂඥයින් කියයි.

by Staff writer 27-06-2026 | 9:46 AM

COLOMBO(News1st) - මදුරුවන්ගේ අනුවර්ථන ඇතුළු කරුණු රැසක් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමට හේතුවී ඇතැයි සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය නයන ගුණතිලක පැවසුවේ, කාලගුණ විපර්යාසද මදුරු කීට ඝණත්වය ඉහළ යාමට හේතුවී ඇති බවයි.

මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පනස් දහස ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ,වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ සියළු රෝහල් දැඩි තදබදයකට ලක්ව ඇති බවයි.

මදුරු කීටයන් සහිත පරිශ්‍රවලට රතු නිවේදන නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේ ය.