ටින් අංකය ලබාගත් පිරිස මිලියන 12 ඉක්මවයි

ටින් අංකය ලබාගත් පිරිස මිලියන 12 ඉක්මවයි - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර

by Staff writer 27-06-2026 | 9:53 AM

COLOMBO(News1st) -  මිලියන 12කට වැඩි පිරිසකට මේ වන විට ටින් අංකය නිකුත් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, තවත් මිලියන 5ක් පමණ ටින් අංකය හෙවත් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ලබාගැනීමට සිටින බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තැපෑල හරහා ටින් අංකය අදාළ පුද්ගලයින් වෙත නොයැවීම හේතුවෙන් බොහෝ පිරිසක් තමන්ට ටින් අංකයක් ඇත්ද යන්න නොදන්නා බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් ඔබට ටින් අංකයක් ඇත්දැයි පරීක්ෂා කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.