එල් නිනෝ තත්ත්වය තවදුරටත් සක්‍රීයයි...

එල් නිනෝ තත්ත්වය තවදුරටත් සක්‍රීයයි... - ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය

by Staff writer 23-06-2026 | 1:31 PM

COLOMBO (News 1st) -  ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය නිකුත් කළ නවතම දත්තවලට අනුව පැසිෆික් සාගරයේ මධ්‍ය ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.11 ක් දක්වා ඉහළට ගොස් තිබේ.

පසුගිය සතියේ මෙය වාර්තා වුණේ සෙල්සියස් අංශක 0.92 ක් ලෙසයි.

මේ අතර පසුගිය කාලය තුළ සෘන අගයක් ගෙන තිබූ ඉන්දියන් සාගරයේ උෂ්ණත්වයත් ධන මට්ටමට ඉහළ ගොස් තිබේ

එල් නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව පුරෝකථනය කිරීමට මෙම සාධක දෙකම වැදගත් වන බව සාගර විද්‍යාඥයින්ගේ මතයයි.