.webp)
 (6)-618731.jpg)
එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශය අධ්යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර පැවසුවේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් මට්ටම පැමිණ ඇති බවයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි..
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වාවූ තද සුළං ඇති විය හැකියි.
මේ අතර කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
