රක්වානේදී අලි ප්‍රහාරයකින් දෙදෙනෙකු මරුට...

රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙන ආ අලියෙකු පහර දීමෙන් ඇත්ගොව්වා සහ සහයකයා මරුට...

by Staff writer 22-06-2026 | 11:13 AM

COLOMBO (News 1st) - රක්වාන ප්‍රදේශයේදී අලියෙකු පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙන ආ අලියෙකු පහරදීමෙන් ඇත්ගොව්වා සහ සහයකයා එලෙස මියගොස් ඇති බවයි.

පෙරේදා (20) රාත්‍රියේ පැවැති පෙරහැර සඳහා එම අලියා විහාරස්ථානය වෙත ගෙනැවිත් ඇත.

පොලීසිය පැවසුවේ, අද උදෑසන 7.30ට පමණ විහාරස්ථාන භූමියේ බැඳ සිටියදී අලියා මෙම පහරදීම සිදුකර ඇති බවයි.

මේ වනවිට වනජීවි නිලධාරින් කැඳවා අලියා නිර්වින්දනය කිරීමට පියවර ගෙන ඇතැයිද, පොලීසිය සඳහන් කළේ ය.