මත්ද්‍රව්‍යට යොමුවූවන්ට නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් වෙනුවෙන් නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන 4ක්

by Staff writer 21-06-2026 | 12:45 PM

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් වෙනුවෙන් නව පුනරුත්තාපන මධ්‍යස්ථාන හතරක් ආරම්භ කරන බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කේ. කේ. එස්. කොතලාවල සදහන් කළේ, කල්පිටිය, කුරුණෑගල, අකුරැස්ස සහ මඩකලපුව යන ප්‍රෙද්ශවල එම මධ්‍යස්ථාන ආරම්භ කරන බවයි.

පෞද්ගලික ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 8 ක් සඳහා ද නව බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු පැවසුවේ ය.