බදුල්ලේ සිට දුම්රිය ධාවනය අද සිට නානුඔය දක්වා...

බදුල්ලේ සිට අඹේවෙල දක්වා සීමා වී තිබූ දුම්රිය ධාවනය සිට නානුඔය දක්වා දීර්ඝ කෙරේ

by Staff writer 20-06-2026 | 8:14 AM

COLOMBO(News1st) -  බදුල්ල සිට නානුඔය දක්වා දක්වා දුම්රිය ධාවනය අද(20) සිට යළි ආරම්භ වන බව රථවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ එම මාර්ගයේ දුම්රිය ධාවනය වූයේ බදුල්ල සිට අඹේවෙල දක්වා පමණයි.

ඒ අනුව අද(20) සිට බදුල්ල සිට නානුඔය දක්වා දක්වා කොටසේ  දිනකට දුම්රිය වාර 4ක් ක්‍රියාත්මක වනු ඇති.

අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, මේ වසර තුළදී රඹුක්න සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.