.webp)
-618394.jpg)
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීම පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි.
අල්ලස් කොමිසමේ කැඳවීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියේ ඒ සම්බන්ධයෙන් වන විමර්ශනයට පෙනී සිටිම සඳහායි.
අල්ලස් කොමිසම සිදුකරන එම විමර්ශනයට අදාළව යෝෂිත රාජපක්ෂට අල්ලස් කොමිසම හමුවේ ඊයේ දින පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
එහෙත් යෝෂිත රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කළේ, තමන්ට පවතින නඩුවක් හේතුවෙන් ඊයේ දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවයි.
ඒ අනුව අද දිනයේ කොමිසමට පැමිණෙනන්යි ඔහුට අල්ලස් කොමිසම දැනුම් දී තිබුණි.
ඒ අවස්ථාවේ ඔහු මෙලෙස අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන තිබේ.
