රාජ්‍ය සේවයට තාක්ෂණික නිලධාරීන් 100ක්...

රාජ්‍ය සේවය සඳහා තාක්ෂණික නිලධාරීන් 100 දෙනෙකු බඳවා ගැනීම ලබන 15 වැනිදා - රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශය

by Staff writer 12-06-2026 | 10:42 AM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවය සඳහා තාක්ෂණික නිළධාරින් 100 දෙනෙකුට බඳවා ගැනීම ලබන 15 වැනිදා සිදු කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශ්‍ය පවසයි.

එහි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසුවේ, රාජ්‍ය සේවයේ පවතින තාක්ෂණික නිලධාරි හිඟයට පිළියමක් ලෙස එම බඳවා ගැනිම් සිදු කරන බවයි.

මේ මස 30 වැනිදා  කළමනාකරණ සහකාර නිලධාරින් 1,600 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.