.webp)

අල්ජසීරා පුවත් සේවය සිදුකළ විශ්ලේෂණයක දැක්වෙන්නේ, කාම්බෝජයේ පමණක් පෙබරවාරි - මාර්තු කාලය තුල ඉන්ධන මිල 67%කින් ඉහළ ගොස් ඇති බවයි.
එම කාලය තුල පාකිස්තානයේ ඉන්ධන මිල 24%කින්, ඕස්ට්‍රේලියාවේ 18%කින් සහ සිංගප්පුරුවේ 15%කින් ඉහළ ගොස් තිබේ.
මෙවැනි පසුබිමක, ඉරාන හමුදාව හොමූස් යළි වසා දැමූ බව ප්‍රකාශ කළද, ඇමරිකානු මධ්‍යම විධානය පවසන්නේ, වාණිජ යාත්‍රා සඳහා ආරක්ෂිත නාවික මාර්ගයක් ස්ථාපනය කර ඇති බවයි.
ඉරානයේ කාර්ග් දූපත් අත්පත් කරගන්නා කරන බවට ට්‍රම්ප් ඊයේ(11) කළ අනතුරු ඇඟවීමට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ.
ඉරානයේ ඉන්ධන යටිතල පහසුකම්වලට තර්ජනයක් එල්ල වී ඉන්ධන අපනයනය කිරීමට නොහැකි වුවහොත්, මුළු කලාපයේම අපනයන කටයුතු අවහිර වනු ඇති බව ඉරාන ඒකාබද්ධ හමුදා මුලස්ථානය සඳහන් කළේ ය.
