.webp)

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් පස්වරු 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලත්, උතුර, උතුරු මැද පළාත් වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් පැයට කිලෝමීටර 40- 50 ත් දක්වා තද සුළං ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශ වල ද, පැයට කිලෝමීටර 40 ක් පමණ දක්වා තරමක තද සුළං ඇති විය හැකියි.
මුහුදු ප්‍රදේශ වල සුළං වේගය, පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉතා රළු විය හැකි බැවින් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකියි.
ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
කළුතර, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.
