හෝමූස් වසා දමැ නැහැ, ඇමරිකානු මධ්‍යම විධානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට වන ප්‍රකාශ අසත්‍ය බව ඇමරිකානු මධ්‍යම විධානය කියයි.

by Staff writer 11-06-2026 | 8:23 AM

COLOMBO (News 1st) - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට ඉරානය සිදුකර ඇති ප්‍රකශය අසත්‍ය බව ඇමරිකානු මධ්‍යම විධානය පවසයි.

X පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ අදත් හෝමූස් හරහා නාවික ගමනාගමන කටයුතු සිදුවන බවයි.

අද අලුයම ආත්මාරක්ෂාව තකා ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාව මේ වන විට අවසන් කර ඇති බවද ඇමරිකානු මධ්‍යම විධානය සඳහන් කළේ ය.

ෆොක්ස් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඇමරිකාව අද(11) අලුයම ඉරානයට ටොමහෝක් මිසයිල 49ක් එල්ල කළ බවයි.

ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා ඉරානයට ඉහළ අහසේ සිට, ඉරාන රේඩාර් පද්ධති සහ ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කරන බවද ට්‍රම්ප් පවසා ඇතිබවත්, ඉරානයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම ප්‍රහාර නවත්වන්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ට්‍රම්ප් පවසයි.

ඇමරිකාව එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් ඉරානයද කලාපයේ රටවල පිහිටි ඇමරිකානු කඳවුරුවලට පහරදෙමින් ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ, ඉලක්ක 18ක් වෙත ප්‍රහාර එල්ල කළ බවයි..