මහ බැංකුව හදිසි වාර්තාවක් කැඳවයි..

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් ගත් සිද්ධිය සම්බන්ධව මහ බැංකුවෙන් හදිසි වාර්තාවක් කැඳවයි!

by Staff writer 09-06-2026 | 7:25 AM

COLOMBO(News1st) - හැකර්වරුන් ගත් භාණ්ඩාගාරයේ මුදල් ගැන රාජ්‍ය මුදල් කාරක සභාව මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.

ඒ, රාජ්‍ය මුදල් කාරක සභාව ඊයේ(08) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීයි.

මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීමට ඊයේ(08) එම කමිටුව රැස්විය.

මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්යය හර්ෂණ සූරියපෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ඊයේ(08) පෙනී සිටියේය.