.webp)
-617815.jpg)
ඇමරිකානු දිස්ත්‍රික් විනිසුරු 'ලියෝ සොරොකින්' සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව පනවන ලද එම ගාස්තු නීතිවිරෝධී බවයි.
එවැනි ගාස්තු පැනවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බැවින් එය අවලංගු කෙරෙන බවද විනිසුරුවරයා සදහන් කළේය..
පසුගිය සැප්තැම්බර් මාසයේදී ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ ගාස්තුවලට එරෙහිව ප්‍රාන්ත නීතිපතිවරුන් 20 දෙනෙකු විසින් ගොනු කරන ලද නඩුව ඊයේ විභාගයට ගැනුණි.
H-1B යනු, විවිධ ක්ෂේත්‍රවලින් ප්‍රවීණත්වය ලබාගත් වෘත්තිමය විදේශිකයින්ට ඇමරිකාවේ රැකියා කිරීමට අවස්ථාව ලබාදෙන වීසා ක්‍රමයක්.
මෙහි අරමුණ වූයේ, ඇමරිකානු සමාගම්වලට ගෝලීයව විසිරී සිටින ඉහළ කුසලතා සහිත පුද්ගලයින් බඳවා ගැනීමට අවස්ථාව සලසා දීමයි.
තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, සහ වෛද්‍ය ඇතුළු ක්ෂේත්‍ර ඒ අතරට ඇතුලත්.
1990 දශකයේ සිට ක්‍රියාත්මක අදාළ වීසා ක්‍රමවේදය හරහා වසරකට විදේශිකයින් 85,000ක් පමණ අමෙරිකාවේ රැකියා සඳහා බඳවා ගැනෙන බව විදෙස් වාර්තා වල සඳහන්..
Amazon, Meta, සහ Google ඇතුළු සමාගම්වලට, H-1B වීසා හරහා බඳවා ගත හැකි උපරිම සේවක සංඛ්‍යාව තීරණය වන්නේ ලොතරැයි ඇදීමක් හරහා වීම විශේෂත්වයක්...
වසර 3ක කාල සීමාවක් සඳහා ලැබෙන එම වීසා බලපත්‍රය, වසර 6ක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාවද පවතී..
අදාළ විදෙස් සේවකයින් බඳවාගැනීමේදී සමාගම් විසින් වීසා ඇතුළුව ඩොලර් 2000ක පමණ ගාස්තුවක් රජයට ගෙවූ නමුත්, දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් එය ඩොලර් 100,000ක් දක්වා ඉහළ නැංවුවා.
ඒ, ඇමරිකානු සමාගම් විදේශිකයින් බඳවා ගැනීම අධෛර්යමත් කිරීමේ අරමුණින්.
