.webp)

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සබරගමුව පළාතේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි වන අතර
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර සහ උතුරු මැද පලාත් වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 -50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ.
සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30 -40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර කන්කසන්තුරෙයි සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව සඳහන් වේ.
ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
