.webp)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින, සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මෝසම අදකොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ සලකා බැලිණ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිටියේ, සැකකාර හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ බරපතල රෝගී තත්ත්වයකින් පෙලෙන බවට සාධාරණ කරුණු ඉදිරිපත්වී නොමැති බවයි.
