.webp)
 (9)-617461.jpg)
ජැමෙයිකාවේ කිංග්ස්ටන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 303ක්.
පැතුම් නිස්සංක ලකුණු 79ක් රැස් කළේ ය.
නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස් කළේ පන්දු 62කින්.
ඒ අනුව ලකුණු 304ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 2ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 262ක් පමණයි.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
මහීෂ් තීක්ෂණ කඩුලු 2යි.
මෙම ජයග්‍රහණයත් සමගින් තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
