.webp)
 (5)-617233.jpg)
මෙවර එහි තේමාව "සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින්, සුනිත්‍ය රැකියා ප්‍රවර්ධනය කිරීම" යන්නයි.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය සමුළුවට සහභාගි වේ.
ලොව පුරා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187 ක රජයන්, සේවායෝජකයන් සහ කම්කරු නියෝජිතයන් සහභාගි වන මෙම සමුළුව, ගෝලීය කම්කරු ක්ෂේත්රයට අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා පැවැත්වෙන ඉහළම ජාත්‍යන්තර සමුළුවයි.
කම්කරු පාර්ලිමේන්තුව ලෙසද හැඳින්වෙන මෙම සමුළුවේදී සුනිත්‍ය රැකියා ප්‍රවර්ධනය, සේවා ස්ථානවල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය, සමාජ සංවාදය ශක්තිමත් කිරීම සහ රජය, සේවායෝජකයන් හා කම්කරුවන් අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතයි.
මෙම සමුළුවට සහභාගි වීම තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කම්කරු ප්රමිතීන් හා භාවිතයන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, කම්කරු ක්ෂේත්රයේ නව ප්රවණතා හා අභියෝග සම්බන්ධයෙන් ගෝලීය සංවාදයට දායක වීමටත් අවස්ථාව හිමිවේ.
සාධාරණ සේවා කොන්දේසි, සමාජ සුරක්ෂිතය සහ තිරසර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට ද මෙම සමුළුවේදී හැකියාව ලැබෙනු ඇති.
