ස්නායු රෝග විද්‍යා ආයතනය අද ජනතා අයිතියට

ප්‍රතිසංස්කරණය කළ ස්නායු රෝග විද්‍යා ආයතනය අද ජනතා අයිතියට...

by Staff writer 01-06-2026 | 7:33 AM

COLOMBO (News 1st) - ප්‍රතිසංස්කරණය කළ ස්නායු රෝග විද්‍යා ආයතනය අද (01) ජනතා අයිතියට පත් කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති මෙම ආයතනය රුපියල් මිලියන 99ක් වැය කර  ප්‍රතිසංස්කරණය කර ඇති බවයි.  

ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් මගින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම වනු ඇත.

මෙම ඒකකය එක් වාට්ටුවකට රෝගී ඇඳන් 22 බැගින් වන කාන්තා හා පිරිමි වාට්ටු 2කින් ද සමන්විතයි.

මෙහි බිම් මහලෙහි භෞත චිකිත්සකත ඒකකයද තෙවෙනි මහලෙහි භාෂා, වෘත්තීය චිකිත්සක ඒකක සහ ශ්‍රවණාගාරයද වේ.

මෙම ආයතනය විවෘත කිරීමෙන් පසු දැනට 16 වාට්ටුවේ වසර සියයකට වඩා පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙනු යනු ලබන ස්නායු ඒකක වඩාත් පහසුකම් සහිතව තදබදයකින් තොරව රෝගීන්ට සහ කාර්ය මණ්ඩලට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇති.