.webp)
 (1)-617197.jpg)
පොලිසිය පැවසුවේ 15 හැවිරිදි දැරියක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු මියගිය පිරිස අතර වන බවයි.
ඒ අතර අඹු සැමි යුවලක් සහ ස්වාමි පුරුෂයාගේ මවද වේ.
එලෙස මියගොස් ඇත්තේ, පිළියන්දල සහ අවිස්සාවේල්ල ප්රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ තවත් 7 දෙනෙකු හෝමාගම රෝහලේ ප්රතිකාර ලබන බවයි.
අනතුර සිදුකළ රියැදුරු පළාගොස් ඇති අතර එහිදී වහාම ක්රියාත්මක වූ පොලීසිය සැකකරු ලුහුබැඳ ගොස් ගිනි අවි පෙන්වා ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගොඩගමදීයී.
එම අවස්ථාවේ රියැදුරු බීමත්ව සිට ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
40 හැවිරිදි අදාළ පුද්ගලයා පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
