හෙටත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙටත් උදෑසන 8 සිට සවස 3 දක්වා කාලය තුළ සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න - ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම

by Staff writer 30-05-2026 | 9:52 PM

COLOMBO (News 1st) - හෙට දිනයේද උදෑසන 8 සිට සවස 3 දක්වා කාලය තුළ සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්නැයි ඒවායේ හිමිකරුවන්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම ඉල්ලීමක් කරයි.

ඒ, පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ය.

මේ අතර,  ප්‍රදේශ රැසක විසන්ධි කළ විදුලි සැපයුම අද පස්වරු 3 ට පමණ  යථා තත්ත්වයට පත් කළ බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාරතිලක ප්‍රකාශ කලේ පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රදේශ රැසක අද පෙවරුවේ විදුලි බලය විසන්ධි කිරීමට පියවර ගත් බවයි.

සූර්ය බලශක්තිය මගින් ලැබෙන විදුලි ධාරිතාව, අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහල යාම හේතුවෙන් එම පියවර ගත් බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ ය.