දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

by Staff writer 29-05-2026 | 8:19 PM

COLOMBO(News1st) - කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රෙද්ශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ තද සුළං හා රලු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා ඉහළ යා හැකියි.

ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.