.webp)

COLOMBO (News 1st) - වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනගාරගත කෙරිණ.
ඒ සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 19 කුගේ විදේශ ගමන් බලපත්‍ර නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව යළි ඔවුන් වෙත ලබා දීම සඳහා අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ උදෑසන අත්අඩංගුවට ගැණුනි.
පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ වේයන්ගොඩ ප්‍රදේශයේදී ය.
