බොරැල්ල සහපුර ඝාතනය සම්බන්ධයෙන් කතක් අත්අඩංගුවට...

බොරැල්ල සහපුර ඝාතනයට, ගිනි අවිය ගෙනත් දුන් කාන්තාව අත්අඩංගුවට...

by Staff writer 26-05-2026 | 4:59 PM

COLOMBO (News 1st) - බොරැල්ල සහස්පුරදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට T56 ගිනි අවිය රැගෙන විත් දුන් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ වෙඩික්කරුද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වෙඩි තැබීමට භාවිතා කළ යතුරුපැදියද සොයා ගෙන ඇත.

පොලීසිය පැවසුවේ බොරැල්ල සහස්පුර වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ රැඳවුම්භාරයේ පසුවන වනාතේ දුමින්ද නැමැත්තා බවට තොරතුරු අනාවරණවී ඇති බවයි.

වනාතේ දුමින්ද මේ වන විට රැදවුම් නියෝග මත රදවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකරනු ලබන බව පොලීසිය සඳහන් කළේ ය.