.webp)

ඒ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් දිවයිනේ නිරත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය වැඩි විය හැකි බවයි.
බස්නාහිර , සබරගමුව සහ වයඹ පලාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 01න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං වලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
