මැ.කො සාමාජිකයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

by Staff writer 21-05-2026 | 6:49 AM

COLOMBO(News1st) - මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද(21) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබේ.

ඒ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමටයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද(21) උදෑසන එම කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් මෙම විශේෂ කාරක සභාව පත්කර තිබුණි.

ඒ එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්.

මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම විශේෂ කාරක සභාව රැස්ව තිබුණි.

නීතිපති දෙපාර්තමේන්තුවද විශේෂ කාරක සභාව හමුවට පසුගියදා කැඳවූවා.

එහිදි කාරක සභාව උපදෙස් ලබාදී ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධා පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසයි.