.webp)
 (5)-616631.jpg)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වසරේ මැයි 18 වැනිදා වන විට රුපියල් ට්‍රිලියනයේ ඉලක්කය පසු කිරීමට හැකි වූ බවයි.
රටේ මූල්‍ය ස්ථාවරත්වය හා මහජන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා එය පිටිවහලක් බව, එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 4.7% දක්වා ඉහළ ගොස් ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2026 මාර්තු මාසයේදී මෙම අගය සටහන් වූයේ 2.4 %ක් ලෙසයි.
මාර්තු මාසයේදී 0.7 %ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1% දක්වා ඉහළ ගොස් තිබේ.
