ඉන්දීය ගුවන් හමුදාපති දිවයිනට.

තුන්දින සංචාරයක් සදහා ඉන්දීය ගුවන් හමුදාපති දිවයිනට.

by Staff writer 19-05-2026 | 4:21 PM

COLOMBO(News1st) - ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං, තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඔහු අද(19) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක බලකා ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේ ය.

අනතුරුව ගුවන් හමුදා මූලස්ථානයේදී ඉන්දීය ගුවන් හමුදාපතිවරයා පිළිගත්තේ, සම්මාන මුර පෙළපාලියක් පවත්වමිනි.

දෙරටේ ගුවන් හමුදාපතිවරුන් අතර හමුව පැවැත්වූයේ, ඉන් අනතුරුවයි.

ඉන්දීය ගුවන් හමුදාපතිවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමග ද, සාකච්ඡා වල නිරත විය.

ඉන්දීය ගුවන් හමුදාපතිවරයා, යුද හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා ද හමුවීමට නියමිතයි.

ඔහු, මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමට නියමිතව ඇතැයි ද, ගුවන් හමුදාව සඳහන් කළේ ය.