වසරකට මෙරටින් රුධිරගත පිළිකා රෝගීන් 2000ක්

වසරකට මෙරටින් රුධිරගත පිළිකා රෝගීන් 2000ක් - මහරගම අපේක්ෂා රෝහල

by Staff writer 18-05-2026 | 7:25 AM

COLOMBO (News 1st) - වසරකට මෙරටින් රුධිරගත පිළිකා රෝගීන් දෙදහසක් පමණ වාර්තා වන බව මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝගී අංශය පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පැවසුවේ, දැනට මෙරට තුළ එවැනි පිළිකා රෝගින් 15,000 -18,000 අතර සංඛ්‍යාවක් සිටින බවයි.

කෙසේ වෙතත් රුධිරගත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට මෙරට තුළ රැඳී සිටින්නේ විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙකු පමණක් බවද ඔහු සඳහන් කළේ ය.