මූල්‍ය වංචාවකට අමිත් වීරසිංහ සහ බිරිඳ රිමාන්ඩ්.

මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගත් මහසොහොන් බලකාය නැමැති සංවිධානයේ නායක අමිත් වීරසිංහ සහ බිරිඳ රිමාන්ඩ්.

by Staff writer 18-05-2026 | 4:30 PM

COLOMBO (News 1st) - මහසොහොන් බලකාය නැමැති සංවිධානයේ නායක අමිත් වීරසිංහ සහ ඔහුගේ බිරිඳ ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර යුවලගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේ ය.

ඔවුන් ඊයේ(18) අත්අඩංගුවට ගැණුනේ, ඇල්ල සහ පල්ලේකැලේ ප්‍රදේශවල කබාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළවයි.

සැකකාර යුවල කබාන එකක් සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 40 - 50ත් අතර මුදලක් ලබාගෙන ඇතැයි, මේවන විට අනාවරණ වී තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලීසිය පවසන්නේ, මේවන විට සැකකරුවන්ට මුදල් ලබාදුන් බව කියන විශාල පිරිසක් තෙල්දෙණිය පොලීසියට පැමිණිලි ඉදිරිපත් කරමින් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි