.webp)

COLOMBO (News 1st) - දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වයෙන් පවුල් 1574 කට අයත් පුද්ගලයින් 5242 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
බලපෑම් එල්ල වී ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව, 14 කි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, අර්ධ නිවාස හානි 192 ක් වාර්තා වන බවයි.
පවුල් 52 කට අයත් පුද්ගලයින් 162 දෙනෙකු ආරක්ෂිත ස්ථාන පහක රඳවා සිටී.
ආපදා හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව, 2කි.
කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතියි.
දූනමලේ ප්‍රදේශයෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ද පහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.මේ අතර , දිස්ත්‍රික්ක 13 ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම, තවදුරටත් දීර්ඝ කර තිබේ.
එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වලටයි.
කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළව ගිලා බැසීම් වැනි තත්වයන් සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවයි.
ඌව සහ නැගෙනහිර පළාත් වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පස්වරු 1 න් පමණ පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය, පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකියි.
අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
