ICC නියෝජිතයින් ජනපති හමුවෙයි

දිවයිනට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නියෝජිතයින් ජනපති හමුවෙයි

by Staff writer 17-05-2026 | 6:17 PM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල(ICC) නියෝජිතයින් අද(17) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

මෙලෙස දිවයිනට පැමිණ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් ක්වාජා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන කටයුතු සඳහා එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් සමාජිකයින් 9දෙනෙකුගෙන් යුත් පරිවර්ථන කමිටුවක් පසුගියදා පත් කෙරෙිණි.

ඒ, හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධුර වලින් ඉල්ලා අස්වීමත් සමගිනි.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නියෝජිතයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්ථන කමිටුව සමග ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

වෙනත් ලිපි