.webp)

ඒ, දිවයිනට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ය.
ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර දිස්ත්‍රික්ක 13ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට තවදුරටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් බලාත්මකයි.
ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක ඒ අතරට ඇතුළත් ය.
දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට අදියර දෙක යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්ක ඒ අතරට ඇතුළත් වේ.
