.webp)
-616193.jpg)
අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළේ හලාවත පුර්වගාමි මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර විසින් ය.
2008 නොවැම්බර් 24 කරුක්කුලිය ජයතිලිණාරාම විහාරස්ථානයේ දී එවක ආච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම් ධනසේන සූරසිංහගේ රාජකාරියට බාධා කිරිම ,අයුතු ජනරාශිය,පහරදිමට උත්සාහ කිරිම ඇතුළු චෝදනා 03 කට ඔහු වරදකරු බව අධිකරණය තීන්දු කළේ ය.
ඊට අමතරව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසටද අධිකරණය නියෝග කළේ ය.
මෙම නඩුවේ පළමු චුදිතයා ලෙස නම්කර තිබුනේ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තයි.
ඔහු 2024 වසරේ පෙබරවාරී 25 වෙනිදා රිය අනතුරකින් මියයාම හේතුවෙන් ඔහු නොමැතිව මෙම නඩුව විභාග කෙරිණ.
