.webp)

ඒ, රටවල් අතර මිත්‍රත්වය ගොඩනැගීමේ එක් අදියරක් ලෙසයි.
නෞකාව අප්‍රේල් 02 වැනිදා මුම්බායි සිට මුහුදු මෙහෙයුම් සඳහා පිටත්ව තිබේ.
ඒ ඉන්දියානු නාවික පුහුණු මධ්‍යස්ථාන තුළදී බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, තිමෝර් ලෙස්ටේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විත බහුජාතික කාර්ය මණ්ඩලයට ඒකාබද්ධ වරාය පුහුණුව ලබා දීමෙන් අනතුරුවයි.
එම පුහුණුවේදී නාවික ශිල්පය සහ නාවික ගමනාගමනය,සන්නිවේදන ක්‍රියාපටිපාටිය සහ මුහුදේදී ජීවිත ආරක්ෂා කිරීම,ගිනි නිවීම සහ හානි පාලනය,පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් වැනි විශේෂිත මෙහෙයුම් සිදු කරනු ඇති.
