ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

අත්තනගලු ඔය සහ කළු ගඟ සුළු ගංවතුර ත්ත්වය පත්විමත් සමග ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි.

by Staff writer 15-05-2026 | 10:35 AM

COLOMBO(News1st) - අත්තනගලු ඔය සහ කළු ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවීමත් සමග මේ වන විට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙමින් පවතියි.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අජිත් නිශාන්ත පැවසුවේ, යක්කල, මොරැන්න වාන් දොරටුව විවෘත කිරීමත් සමග ගම්පහ නගරය ආශ්‍රිතව ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි.

මේ අතර කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මටට්ම ළඟාවිමත් සමග බුලත්සිංහල - මෝල්කාව මාර්ගය දඹල හා නාලියද්ද ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, එම මාර්ගයේ වාහන ධාවනය ඇණහිට ඇති බවයි.

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් ද, මේ වන විට විවෘත කර තිබේ.